ඔස්ට්‍රේලියානු මහ බැංකුව සිව්වතාවක් පොලී උස්සයි


ඔස්ට්‍රේලියානු මහ බැංකුව සිව්වැනි මාසය සඳහාත් පොලී අනුපාත ඉහළ නංවා ඇති අතර, එය රට තුළ වූ වේගවත් උද්ධමනය මෙන්ම ආර්ථික මන්දගාමිත්වය තවදුරටත් පුරෝකථනය කරන බැවින් ඉදිරියේදී තවත් පොලී අනුපාත ඉහල දැමීම් පිළිබඳ ඉඟි පළකර තිබේ.

එහි අගෝස්තු ප්‍රතිපත්ති රැස්වීම අවසන් කරමින්, ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) සිය මුදල් අනුපාතිකය පදනම් ලකුණු 50කින් 1.85%ක් දක්වා ඉහළ නැංවූ අතර, 1990 ගණන්වල මුල් භාගයේ සිට වඩාත් දැඩි ලෙස පොලී අනුපාත දැඩි කරමින් මැයි මාසයේ සිට පදනම් ලකුණු 175ක වැඩිවීමක් සටහන් කළේය.

නිල මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් RBA අධිපති ෆිලිප් ලෝව් පැවසුවේ උද්ධමනය දැනටමත් දශක කිහිපයකින් ඉහළම මට්ටමේ පසුවන බවයි.

මේ වසරේ එය 7.75%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්ථාවර මට්ටම් කරා ආපසු යාමට වසර දෙක තුනක් ගත විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු මහ බැංකුවද ලොව පුරා සිටින අනෙකුත් මහ බැංකු මෙන්ම, දැනටමත් මන්දගාමී ආර්ථිකය ඇණහිටීමකින් තොරව පවත්වා ගැනීම සඳහා දුෂ්කර තුලනය කිරීමේ ක්‍රියාවකට මුහුණ දී සිටින බව කියයි.



Recommended Articles