ඔස්ට්‍රේලියානු දේශසීමා සම්පූර්ණ විවෘත කරයි


කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසාදමා තිබූ ඔස්ට්‍රේලියාව, සිය ජාත්‍යන්තර දේශසීමා එන්නත් කරන ලද සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරමින්, සංචාරකයන්ට රට තුළට පැමිණීමටත්, පදිංචිකරුවන්ට සිය පවුලේ ඥාතීන් සහ මිතුරන් සමග නැවත එක්වීමට ඉඩ සලසා තිබේ.

වසංගතයේ සීමා කිරීම්වලින් පීඩාවට පත් වූ සංචාරක සහ ආගන්තුක සත්කාර අංශ යළි ගොඩනැගීමට බලාපොරොත්තු වන බැවින් සිඩ්නි වෙත ගුවන් ගමන් 27ක් ඇතුළුව ජාත්‍යන්තර ගුවන් ගමන් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දවස පුරා සිදුවනු ඇති බවද කියයි.



Recommended Articles