ඔස්ට්‍රේලියානු තහනම පරදා ජොකොවික් යළි පිටියට එයි


ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සඳුදා මෙල්බර්න් හි ටෙනිස් පිටියක සිටින ඡායාරූපයක් ට්වීට් කළේ ඔහු නැවත පුහුණුවීම්වලට පැමිණ ඇති බවට ඉඟි කරමිනි.

"මගේ වීසා අවලංගු කිරීමේ තීරණය අධිකරණය විසින් අවලංගු කිරීම ගැන මා සතුටු වන අතරම, කෘතඥ වෙනවා. ඒ සියල්ල සිදුවී තිබියදීත්, මා නැවතත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රිඩා කිරීමට උත්සාහ කිරීමට අවශ්‍යයි. මම ඒ ගැන අවධානයෙන් සිටිනවා. මම ඉතා වැදගත් ඉසව්වකට ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාවට පැමිණියා. අප සිටින්නේ විශ්මයජනක රසිකයන් පිරිසක් මැදයි" ජොකොවික් සටහන් කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජොකොවික්ගේ සොහොයුරා මෙම නිදහස තහවුරු කළේ, අධිකරණ තීන්දුවෙන් පසුව ටෙනිස් තරුව අත්අඩංගුවට ගෙන ඇති බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරමිනි.

"නොවැක් නිදහස්. මිනිත්තු කිහිපයකට පෙර ඔහු ටෙනිස් පිටියක පුහුණුවීම් කළා. ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණියේ ටෙනිස් ක්‍රීඩා කිරීමටයි. තවත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවක් දිනා ගැනීමට උත්සාහ කිරීමටයි" ජෝර්ඩ්ජේ ජොකොවික් වාර්තාකරුවන්ට පැවසීය.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයක් සඳුදා දින ජොකොවික් රටින් පිටුවහල් කිරීමට එරෙහිව ඔහුට පක්ෂව තීන්දුවක් දුන් අතර, ඔහුට රට තුළ රැඳී සිටීමට සහ එළැඹෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලියට තරග කිරීමට ඉඩ ලබා දුන්නේය.



Recommended Articles