ඔස්ට්‍රේලියානු කැබිනෙට්ටුවට 30යි ඉන් 13ක්ම කාන්තාවන්


ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් මණ්ඩලය කැන්බරා නුවර පැවති උත්සවයකදී දිවුරුම් දුන් අතර, නව අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ නව කම්කරු ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 30දෙනෙකුගෙන් සමන්විත වෙයි.

එමෙන්ම, මෙම ඇමති මණ්ඩලයට වාර්තාගත ලෙස කාන්තාවන් 13දෙනෙකුම ඇතුළත්වීමද විශේෂත්වයක් වී තිබේ.

ඒ අනුව, ලින්ඩා බර්නි ඔස්ට්‍රේලියානු ආදිවාසී අමාත්‍යවරිය ලෙස සේවය කරන පළමු ආදිවාසී කාන්තාව සහ දෙවැනි ආදිවාසී පුද්ගලයා බවට පත්වනු ඇත.

එඩ් හියුසික් සහ ඈන් අලි ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් බවට පත්ව සිටින්නේ, පිළිවෙලින් කර්මාන්තය සහ විද්‍යාව සහ මුල් ළමාවිය අධ්‍යාපනය සහ තරුණ අමාත්‍යාංශ භාර ගනිමිනි.

නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙසත්, ක්ලෙයාර් ඕ නීල් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇත.

වසර නවයකට ආසන්න කාලයක් විපක්ෂයේ සිටීම අවසන් කරමින් මහ මැතිවරනයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කර දින 10කට පසුව මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සිදුවෙයි.

අඟහරුවාදා කම්කරු පක්ෂය ස්වාධීන හෝ සුළු පක්ෂවල සහාය නොමැතිව තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රමාණවත් ආසන සංඛ්‍යාව තහවුරු කර ගත්තේය.



Recommended Articles