ඔස්ට්‍රේලියා සිඩ්නි තව මසක් ලොක්ඩවුන් සීමා දීර්ඝ කරයි


රටේ වර්තමාන කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (20දා) නිවේදනය කළේ ග්‍රේටර් සිඩ්නි හි අගුලු දැමීම සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කරන බවයි.

එමෙන්ම සැලකිලිමත් විය යුතු සමහර ප්‍රදේශවලට රාත්‍රී ඇඳිරි නීතිය පනවන බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වැඩිදුරටත් නිවේදනය කළේය.

ඒ අනුව පීඩාවට පත් ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ව්‍යාපාරිකයන් සඳහා ඇඳිරි නීතිය රාත්‍රී 9.00 සිට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කෙරේ. අත්‍යවශ්‍ය සේවකයන්, හදිසි අවස්ථා හෝ වෛද්‍ය සේවා හැර සෙසු අයට අගෝස්තු 23දා සිට මෙම ඇඳිරි නීති තත්ත්වය ක්‍රියාත්මක වන බවද කියයි.

මෙම තීරණය ගනු ලැබුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නව ආසාදන 642ක් වාර්තා කිරීමෙන් පසුවය.



Recommended Articles