ඔස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්ත ආශ්‍රිතව කෝලා මහා සංහාරයක්


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයක කෝලා වළසුන් විශාල ප්‍රමාණයක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව නිරීක්ෂණයට ලක්ව තිබේ.

කොළා වළසුන්ගේ වඩාත් වැදගත් වාසභූමියක්ලෙස සැලකෙන නිල මැණික් වෘක්ෂයන් ආශ්‍රිතව සිදුකළ වගා ඉවත් කිරීමත් සමග ඉතිරිව ඇත්තේ එම භූමියේ සිටි කෝලා වළසුන් සුළු ප්‍රමාණයකි. තවත් සතුන් වෘක්ෂයන් ආශ්‍රිතව මියගොස් සිටියදී සොයාගෙන ඇත.

එහිදී මෙම ප්‍රදේශය හෙළිපෙහෙළි කිරීමේදී බුල්ඩෝසර් වැනි යන්ත්‍රෝපකරණවලට හසුවීමෙන්ද සතුන් විශාල ප්‍රමාණයක් ජීවිත්කෂයට පත්ව ඇත.

මේ සමගම දිවි ගලවාගත් කෝලා වළසුන් 80ක් පමණ නිරුපද්‍රතව බේරාගැනීමට බලධාරීන් පසුව කටයුතු කර තිබුණු අතර, එම සතුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබුණි.

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන්ද කෝලා වළසුන් ඇතුළු වන සතුන් විශාල ප්‍රමාණයක් මියගිය අතර, තවත් අවස්ථාවක ඔටුවන් 10,000ක සංහාරයක් මගින් ඔටුවන් මරා දැමීමටද ඔස්ට්‍රේලියාව පසුගිය කාලයේදී ක්‍රියාකර තිබුණි.



Recommended Articles