ඔස්ට්‍රේලියා ඓතිහාසික ස්වදේශික ජනමතවිචාරණය ඔක්තෝබරයේ


ඔස්ට්‍රේලියානු රජය එලැඹෙන ඔක්තෝබර් 14දා ඓතිහාසික ජනමත විචාරණයක් පවත්වන බව නිවේදනය කර තිබේ.

මෙම ජනමතවිචාරණය අනුමත වුවහොත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ වැසියන් හඳුනාගෙන ඔවුන්ට නීති පිළිබඳ උපදෙස් ලබාදීම සඳහා ස්ථිර ආයතනයක් පිහිටුවනු ඇත.

කෙසේ වෙතත්, මෙම යෝජනාව ඕස්ට්‍රේලියාවේ දැඩි විවාදයට ලක්ව ඇත. එසේම, වසර 50කට ආසන්න කාලයකින් රටේ සාර්ථක ජනමත විචාරණයක් පවත්වා නැත.

එය සාර්ථක වීමට නම්, ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් "ඔව්" ලෙස ඡන්දය ප්‍රකාශ කළ යුතුය. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයෙන් අවම වශයෙන් හතරක බහුතර සහායද තිබිය යුතුය.



Recommended Articles