ඔස්ට්‍රියාවේ සමලිංගික රැලියකට ප්‍රහාර සැලසුමක්


ඔස්ට්‍රියාවේ වියානා නුවර සමලිංගික රැලියක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රැලියට පුද්ගලයන් 300,000ක් පමණ සහභාගි වූ අතර, එය පසුගිය සෙනසුරාදා සුපුරුදු පරිදි පැවැත්වූවත් ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.

එහිදී, මෙම රැලියට ප්‍රහාර එල්ල කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 14 - 20ත් අතර වයසේ පසුවූ නව යොවුන් තරුණයන් පිරිසකි. ඔවුන් ඔස්ට්‍රියානු පුරවැසියන් බව කියවුණත්, බොස්නියානු සහ චෙච්නියානු සම්භවයක් සහිත පිරිසකි. එහිදී, මෙම ප්‍රහාරය ඉස්ලාම් මූලධර්මවාදී ප්‍රහාර සැලසුමක් බව පොලීසිය හඳුනාගෙන තිබේ.  



Recommended Articles