ඔස්ට්‍රියා ඡන්දයෙන් සෙබස්තියන් කුර්ස්ගේ මහජන පක්ෂය ඉදිරියට


හිටපු චාන්සලර් සෙබස්තියන් කුර්ස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රියාවේ කන්සර්වේටිව් මහජන පක්ෂය ඊයේ (29දා) පැවති මහ මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ.

මේ වනවිට ඡන්දයක්ම පාහේ ගණන් කර ඇති අතර, කුර්ස්ගේ පක්ෂයට 38% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති අතර, එය අවසන් වරට පැවතියේ 31%ක් ලෙසිනි.

ඔහුගේ සභාගයේ හිටපු හවුල්කරුවන් වූ අන්ත දක්ෂිනාංශික නිදහස් පක්ෂයට 17.3%ක ඡන්ද පදනමක් ලැබී ඇති අතර, එය තියුණු පහත වැටීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.

මහා වංචාවක් හේතුවෙන් ඔවුන්ගේ සභාග රජය බිඳ වැටුණු අතර, ඉන් අනතුරුව මෙම හදිසි මහ මැතිවරණය කැඳවනු ලැබිණි.

මෙවර මහ මැතිවරණය සඳහා ඔස්ට්‍රියානුවන් මිලියන 6.4ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියේය.



Recommended Articles