ඉහළ යන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව සහ වඩාත් සම්ප්‍රේෂණය විය හැකි ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ මතුවෙමින් පවතින කනස්සල්ල මධ්‍යයේ දකුණු කොරියාව සිකුරාදා සිට ප්‍රති-වෛරස පියවර දැඩි කිරීමට තීරණය කර තිබේ.
සෝල් අගනුවර, එහි අවට ග්යොංගි පළාත සහ බටහිර වරාය නගරය වන ඉන්චියොන් නගරයේ පුදගල රැස්වීමක් සඳහා අවසර දී ඇති උපරිම පුද්ගලයන් සංඛ්‍යාව දෙසැම්බර් 6 සිට සති හතරක් සඳහා වර්තමාන 10 සිට 06ක් දක්වා අඩු කර ඇත.
මහනගර නොවන ප්‍රදේශවල, සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශයට අනුව, පුද්ගලික රැස්වීම් සඳහා වන සීමාව සති 04ක් සඳහා දැනට පවතින 12 සිට 08ක් දක්වා කපා හැර ඇත.
නොවැම්බරයේ රජය විසින් "කොවිඩ්-19 සමග ජීවත් වීම" නම් ලිහිල් කරන ලද සමාජ-දුරස්ථ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු පසුගිය මාසය තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙම දැඩි රීති හඳුන්වා දී තිබේ.