ඔමික්‍රෝන්ට එරෙහි ප්‍රතිකාර තමන් සතු බව GSK පවසයි


බ්‍රිතාන්‍ය ඖෂධ නිෂ්පාදකයෙකු වන GSK (GSK.L) සහ එක්සත් ජනපද හවුල්කාර Vir Biotechnology (VIR.O) සමග එක්ව නිපදවූ, ප්‍රතිදේහ මත පදනම් කොවිඩ්-19 ප්‍රතිකාරය නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ සියලුම විකෘතිතාවලට එරෙහිව ක්‍රියාත්මක වන බව එම සමාගම සිය මුල් අවධියේ අධ්‍යයනයන්හි නව දත්ත උපුටා දක්වමින් නිවේදනය කරයි.

තවමත් සම-සමාලෝචනය කරන ලද වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැති මෙම දත්තවලින් පෙන්නුම් කරන්නේ, සිය සමාගම් නිපදවූ ප්‍රතිකාරය වන සොට්‍රොවිමාබ් (Sotrovimab), ස්පයික් ප්‍රෝටීනයේ මේ දක්වා හඳුනාගෙන ඇති විකෘති 37ටම එරෙහිව ක්‍රියාත්මක වන බව යැයිද GSK සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය සතියේ තවත් පූර්ව සායනික දත්තයක් පෙන්නුම් කර තිබුණේද, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රධාන විකෘතිතාවලට එරෙහිව ඖෂධය ක්‍රියා කර ඇති බව යැයිද පෙන්වා දෙයි. සොට්‍රොවිමාබ් ප්‍රතිකාරය නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනයට සම්බන්ධ කිරීමටය. කෙසේ වෙතත් ඔමික්‍රෝන් හි එම ප්‍රෝටීනයේ අසාමාන්‍ය ලෙස ඉහළ විකෘති සංඛ්‍යාවක් ඇති බව සොයාගෙන ඇත.

"මේ පූර්ව සායනික දත්ත මගින් පෙන්නුම් කරන්නේ, ප්‍රතිදේහ මත පදනම් වූ අපගේ ප්‍රතිකාරය නවතම කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වා නිර්වචනය කර ඇති අනෙකුත් සැලකිලිමත් වීමේ සියලු ප්‍රභේදවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවයි" යනුවෙන් GSK ප්‍රධාන විද්‍යා නිලධාරි හැල් බැරන් පැවසීය.



Recommended Articles