කොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.
මෙම ප්‍රභේදය ලොව පුරා රටවල් 150කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති බැවින් ආනයනික ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ අවදානම පිළිගන්නා බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ රෝග වැළැක්වීමේ සහ පාලන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක හී ක්වින්ග්හූ සඳහන් කළේය.
"අපි වෙහෙස මහන්සි වී උපයාගත් කොවිඩ්-19 පාලන ප්‍රතිඵල අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවා" ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව මැදි හා ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල නගරාන්තර ප්‍රවාහන සේවා අත්හිටුවීමට දේශීය ප්‍රවාහන බලධාරීන්ට මඟ පෙන්වීම් කරන බවත්, එන්නත්, භාණ්ඩ සහ අනෙකුත් සැපයුම් නියමිත වේලාවට ලබාදීම සහතික කිරීම සඳහා, හදිසි සැපයුම් රැගෙන යන වාහන සඳහා තාවකාලික අවසර පත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් චීන බලධාරීන් වැඩිදුරටත් පවසයි.