ඔමික්‍රෝන් පමණක් ඉලක්ක වූ එන්නතට EU සහයෝගය


නව ඔමික්‍රෝන් ප්‍රභේදය පමණක් ඉලක්ක කර ගනිමින් නවීකරණය කරන ලද කොවිඩ්-19 එන්නතක් අනුමත කිරීම සඳහා අවශ්‍ය පුළුල් සහයෝගය ලබාදෙන බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා පවසයි.

යුරෝපීය ඖෂධ ඒජන්සියේ එන්නත් උපාය මාර්ග පිළිබඳ ප්‍රධානී මාර්කෝ කැවාලෙරි මාධ්‍යවේදීන්ට පැවසුවේ, ඔමික්‍රොන් ප්‍රභේදයට ගැලපෙන එන්නතක් මෙන්ම, නව ප්‍රභේදයන්ගේ එකතුවක් ආමන්ත්‍රණය කරන එන්නත් ගවේෂණය කිරීමට ඖෂධ සමාගම් දිරිමත් කළ බවයි.

සායනික අත්හදා බැලීම්වලදී එන්නත් කිහිපයක් පරීක්ෂා කිරීම ඉදිරියේදී වඩාත්ම ශක්තිමත් මාර්ගය වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ෆයිසර් සහ හවුල්කරු බයෝඑන්ටෙක් පසුගිය මාසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඔවුන්ගේ එන්නතෙහි නව අනුවාදයක් පරීක්ෂා කිරීම සඳහා සායනික අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ.



Recommended Articles