ඔමික්‍රෝන්-නිශ්චිත ෆයිසර් එන්නත සායනික පරීක්ෂාවට


ෆයිසර් - බයොඑන්ටෙක් සමාගම් විසින් ඔමික්‍රෝන් ප්‍රභේදය නිශ්චිත කොට නිපදවූ කොවිඩ්-19 එන්නත සඳහා සායනික පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙම එන්නතෙහි ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වයස අවුරුදු 55 දක්වා වූ වැඩිහිටියන් සඳහා පරීක්ෂා කිරීම වෙනුවෙන් සායනික පරීක්ෂණයක ලියාපදිංචි වීම ආරම්භ කර ඇති බව සමාගම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ජනවාරි මස මුලදී ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇල්බර්ට් බොර්ලා පැවසුවේ ඔමික්‍රෝන්-නිශ්චිත එන්නතක් මාර්තු මාසයේදී නියාමන අනුමැතිය සඳහා සූදානම් වන බවත්, සමාගම දැනටමත් මාත්‍රා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්ය.



Recommended Articles