ඔමික්‍රෝන් දැන් ඉතාලියේ ප්‍රමුඛතම ප්‍රභේදය වෙලාලු


කොරෝන වෛරසයේ අධික ලෙස බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් ඉතාලියේ ප්‍රමුඛව පවතින බව ජාතික සෞඛ්‍ය ආයතනය ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගිය ජනවාරි 3 වැනි දින සිදුකළ සමීක්ෂණයකට අනුව දැනට ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් 81%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් බව අනාවරණය වී තිබේ.

මීට පෙර සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ දෙසැම්බර් 20 වැනි දින වනවිට එරට තුළ  ආසාදිතයන්ගෙන් 28%ක් පමණක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවය. මේ තත්ත්වය තුළ වෛරය වඩාත් වේගයෙන් ඉතාලිය ආක්‍රමණය කරන බව පැහැදිලි වී තිබේ.



Recommended Articles