ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය වුවද, එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා අඩු බරපතල බවක් දැනට පෙන්නුම් කරන බව එක්සත් ජනපදයේ බෝ නොවන රෝග පිළිබඳ ඉහළම සෞඛ්‍ය නිලධාරියා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 19ක් පුරා ව්‍යාප්ත වී ඇති පසුබිමකද හෙතෙම මෙම අදහස් පළ කළේය.
"රෝගයේ නිශ්චිත බරපතලකම තීරණය කිරීමට තවමත් කල් වැඩියි. නමුත් අපට ලැබෙන ඉඟි, මේවා තවමත් කතා ස්වරූපයෙන් පවතින බව අප මතක තබා ගත යුතුයි. කෙසේ නමුත් පෙනෙන අවස්ථා සමග රෝගයේ (නව ප්‍රභේදයේ) ඉතා දරුණු පැතිකඩක් තවමත් පෙනෙන්නේ නෑ" යැයි අපි ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි පැවසුවේය.