නව කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් කෙතරම් හානිකර දැයි සොයා ගැනීමට තවත් කාලයක් ගත වන බවත්, ඒ පිළිබඳව නිගමනයකට පැමිණීමට තවමත් ඉක්මන් වැඩි බවත් චීනයේ ඉහළ පෙළේ වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් සඳහන් කළේය.
දකුණු චීනයේ ග්වන්ඩොන්ග් පළාතේ ග්වන්ග්සෝ නගරයේ පැවති ශ්වසන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයකදී චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ වාර්තාකරුවන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මෙසේ සඳහන් කර තිබේ.
මෙම සතිය මුලදී දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට අනාවරණය වූ ප්‍රභේදය ඉතා අලුත් එකක් බව පැවසූ ෂොං, අණුක ප්රවේණි පරීක්ෂණයෙන් එහි ප්‍රතිග්‍රාහක බන්ධනවල බොහෝ විකෘති ඇති බව පෙන්වා දී ඇතත්, එනම් වෛරසය මිනිස් සෛල තුළට ඇතුළු වීමට භාවිත කරන කොටසේ බොහෝ විකෘති ඇති බව පෙන්නුම් කළත්, එය කෙතරම් වේගයෙන් පැතිර යා හැකිද, එය වඩාත් දරුණු වේද යන්න හෝ රෝගය සහ එය ඉලක්ක කිරීමට නව එන්නත් අවශ්‍යද යන්න දැන ගැනීමට තවත් යම් කාලයක් ගතවන බව අවධාරණය කළේය.
නව ප්‍රභේදය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු නමුත් මේ මොහොතේ විශාල පියවරක් නොගන්නා බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ සහ එහි ආසන්න කලාපවල සංචාරකයන්ට එරෙහිව සංචරණ වැළැක්වීමේ සහ පාලන පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ලොව බොහෝ රටවල් දැඩි දේශසීමා පාලනයන් ප්‍රකාශයට පත්කර ඇති අතර, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ ඊශ්‍රායලය සමග ගෝලීය බලධාරීන් නව ප්‍රභේදයට අනතුරු ඇඟවීමෙන් ප්‍රතිචාර දක්වා ඇත.