ඔමික්‍රෝන් ගැන අනවශ්‍යව කලබල නොවන්න -සෞම්‍යා


ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය මතුවීම පිළිබඳව ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවත්, ඊට මුහුණදීම සඳහා එන්නත් නැවත සකස් කිරීමට අවශ්‍ය දැයි කීමට ඉක්මන් වැඩි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥයවරිය අවධාරණය කරයි.

"අපි මීට වසරකට පෙර සිටි තත්ත්වයට වඩා වෙනස් තත්වයක සිටින නිසා අනවශ්‍ය ලෙස කලබල නොවී, අප සූදානම් විය යුතුයි. ඒ වගේම අප පරිස්සම් විය යුතුයි" සෞම්‍යා ස්වාමිනාදන් පැවසීය.

ස්වාමිනාදන් පැවසුවේ වේගයෙන් පැතිරෙන නව ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදය අභිභවා යන වේගවත් සම්ප්‍රේෂණයක් තිබුණත් ඔමික්‍රෝන් ගැන බොහෝ දේ තවමත් නොදන්නා බවද හෙතෙම සඳහන් කළාය.

එසේම ඔමික්‍රෝන් ප්‍රභේදය අවම වශයෙන් රටවල් 38කින් අනාවරණය වී ඇති නමුත් මෙතෙක් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද WHO පවසයි.

දැනට භාවිතයේ ඇති එන්නත් සමග වැඩි පිරිසක් එන්නත් කර ගැනීම කෙරෙහි ලොව පුරා බලධාරීන් අවධානය යොමු කළ යුතු බව WHO හි හදිසි අවස්ථා අධ්‍යක්ෂ මයික් රයන් පැවසුවේ, ඔමික්‍රෝන් සමග සටන් කිරීමට දැනට පවතින එන්නත් වෙනස් කළ යුතු බවට කිසිදු සාක්ෂියක් තවමත් නොමැති බවද අවධාරණය කරමිනි.



Recommended Articles