ඔමික්‍රෝන් එරෙහිව ස්පුට්නික් සාර්ථක බව රුසියාව පවසයි


රුසියාවේ ස්පුට්නික්-වී එන්නත ඔමික්‍රෝන් ප්‍රභේදයට ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ඇති කරන අතර, එය ස්පුට්නික් ලයිට් බූස්ටර් එන්නත මගින් තවදුරටත් ශක්තිමත් කරන බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

ගැමේලියා මධ්‍යස්ථානයේ මූලික රසායනාගාර අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ ස්පුට්නික් වී එන්නත ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ඉහළ වෛරස්-උදාසීන ක්‍රියාකාරකම් පෙන්නුම් කරන බව යැයි ඔවුන් පවසයි.

එසේම දරුණු රෝග සහ රෝහල්ගතවීම්වලට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සැපයීමට එයට හැකියාවක් ඇති බවද රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසා තිබේ.



Recommended Articles