ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම කෙනෙකුම පාහේ කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයට නිරාවරණය වනු ඇති බවට එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥ සහ ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි අනතුරු අඟවයි.
"ඔමික්‍රෝන් හි අසාමාන්‍ය, පෙර නොවූවිරූ සම්ප්‍රේෂණයේ කාර්යක්ෂමතාව හේතුවෙන් අවසානයේ, සෑම කෙනෙකු තුළම මේ වෛරසය සොයා ගැනීමට හැකිවේවි" ෆවුසි උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන සංවාදයකදී පැවසීය.
"එන්නත් ලබා ඇති, සම්පූර්ණ මාත්‍රා ලබා ඇති සහ බූස්ටර් මාත්‍රාව ලබා ඇති අයගෙන් බොහෝ දෙනෙකුට පවා මේ තත්ත්වය තුළ වෛරසය ආසාදනය වේවි. නමුත් රෝහල්ගත වීම් සහ අසාධ්‍ය තත්ත්වයන්ගෙන් ඔවුන්ට ආරක්ෂාවක් සැලසේවි." වෛද්‍ය ෆවුසි තවදුරටත් පැවසීය.