ඔමික්‍රෝන් ප්‍රභේදයේ ගෝලීය ව්‍යාප්තිය සහ විශාල විකෘති සංඛ්‍යාවක් ඇතුළුව ඇතැම් ලක්ෂණ, එය කොවිඩ්-19 වසංගතයේ ගමන් මගට විශාල බලපෑමක් ඇති කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා ප්‍රකාශ කරයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් රටවල් 57ක පවතින බැවින්, එය පෙර පැවති ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් මාධ්‍ය හමුවකදී අනතුරු ඇඟවීය.
"අපි දැන් සම්ප්‍රේෂණයේ (අනුපාත) ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ස්ථාවර චිත්‍රයක් දැකීමට පටන් ගෙන ඇතත්, දැනට අනෙකුත් ප්‍රභේදවලට සාපේක්ෂව වැඩිවීමේ නිශ්චිත අනුපාතය ප්‍රමාණ කිරීම දුෂ්කරයි" ඔහු පැවසීය.
"දකුණු අප්‍රිකාවේ නැගීඑන දත්ත මගින් ඔමික්‍රෝන් සමග නැවත ආසාදනය වීමේ අවදානම වැඩි බව යෝජනා කර තිබෙනවා. නමුත් ස්ථිර නිගමනවලට එළැඹීමට තවත් දත්ත අවශ්‍ය වෙනවා" ඔහු තවදුරටත් පැවසීය.
ඔමික්‍රෝන් පෙර ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවට සමහර සාක්ෂි යෝජනා කළ හැකි නමුත් අවසාන නිගමනවලට එළඹීමට තවමත් කල් වැඩි බව WHO විශේෂඥයින් පවසා ඇත.
WHO හි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ මයික් රයන් පවසන පරිදි, වෛරසයේ පරිණාමීය ස්වභාවය අනුව එය විකෘති වනවිට එය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි වුවද, මේ තත්ත්වය තුළ වෛරසයේ දරුණු බව අඩුවන බව සෘජුවම ප්‍රකාශ කළ නොහැකියි. මෙවැනි විකෘතියක් මෘදු හෝ වඩා මාරාන්තික බවට හැරෙන්නේද නැද්ද යන්න අහම්බයක් බව ඔහු පැවසීය.
නවතම කොවිඩ්-19 ප්‍රභේදය පිළිබඳ අධ්‍යයනයන් පරිණාමය වෙමින් පවතින බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගෝලීය වසංගත රෝග දත්ත පැමිණීමට, විශ්ලේෂණය කිරීමට සහ ඕනෑම ස්ථිර නිගමනවලට එළඹීමට තවත් දින හෝ සති කිහිපයක් අවශ්‍ය බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් පවසන පරිදි ඔමික්‍රෝන් විසින් දැනට පවතින එන්නත්වල කාර්යක්ෂමතාවයේ සැලකිය යුතු අඩුවීමක් ඇති කළ හැකි බව පැවසීම තවමත් නොමේරූ අදහසකි.
නිරීක්ෂණ, පරීක්ෂණ සහ අනුක්‍රමණය වැඩි කරන ලෙසත්, යාවත්කාලීන මාර්ගගත සිද්ධි වාර්තා කිරීමේ පෝරමයක් භාවිතයෙන් WHO සායනික දත්ත වේදිකාවට වැඩි දත්ත ඉදිරිපත් කරන ලෙසත් WHO සියලුම රටවලින් ඉල්ලා ඇත.