ඔමික්‍රෝන්, බ්‍රසීලයේ රියෝ සැණකෙළිය අවලංගු කරයි


නව වසරේ පැමිණීමත් සමග බ්‍රසීලය පුරා ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවීම නිසා එරට රියෝ ද ජැනීරෝ හි කොවිඩ්-19 ආසාදිතයන් වේගයෙන් වැඩිවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම තත්ත්වය තුළ මෙම වසර තුළත් රියෝ නගරයේ පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ සැණකෙළිය කල් දැමීමට ගත් තීරණය නිවැරදි තීරණයක් බව එහි සෞඛ්‍ය ලේකම් වෛද්‍ය ඩැනියෙල් සොරොනාස් පවසයි.

ඔහු පවසන්නේ බ්‍රසීලය තුළ නිවැරදි සෞඛ්‍ය පුරුදු සමග ඉහළ එන්නත් අනුපාතයක් තුළ වසංගතයේ පාලනයක් ගැන බලාපොරොත්තුවක් මෙවර ඇති කර තිබෙන බවයි.



Recommended Articles