ඔන්ලයින් තාරකාවගේ දෙබිඩි ජීවිතය ඉඩම් හිමියා හෙළිකරයි


චීනයේ සමාජ මාධ්‍ය තාරකාවකගේ දෙබිඩි ජීවිතයක් නිරාවරණය වී ඇති අතර, ඇගේ ඉඩම් හිමියා ඇගේ අපිරිසිදු ජීවන තත්ත්වය හෙළි කිරීමත් සමග, ඇය අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ ආකර්ෂණීය ප්‍රතිරූපය බිඳ වැටී තිබේ.

අනුගාමිකයන් මිලියන 1.1ක් සිටින බ්ලොග්කාරියක වූ ලීසා ලීගේ කුණු කසළ, පුස් ආහාර සහ සුනඛ අපද්‍රව්‍යවලින් පිරී ඇති බව පෙන්වන වීඩියෝ පටය මේ වනවිට වෛරල් වී ඇත.

මෙම වීඩියෝ පටය ප්‍රකාශයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය තුළින්ම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීමට  ලී කටයුතු කර තිබේ.

ලීසා ලී චීනයේ ජනප්‍රිය වයිනා මයික්‍රො බ්ලොග් අඩවියේ "වැන්ග් හොං" නොහොත් "ඔන්ලයින් කීර්තිය" ලෙස හැඳින් විණි.

ඇගේ ගිණුම, බොහෝ තරුණ චීන බලපෑම්කරුවන්ගේ ගිණුම් මෙන්, සංචාරක වික්‍රමාන්විතයන්, සාදයන් සහ කදිම භෝජන අත්දැකීම් පිළිබඳ දිලිසෙන නාමාවලියක් විය.

නමුත් ඇගේ ඉඩම් හිමියා උතුරුදිග ෂියාන් හි පිහිටි ඇගේ මහල් නිවාසයේ සංචාරයක් මාධ්‍යයට ලබාදීමත් සමග මෙම සියලු තොරතුරු අනාවරණය විය.



Recommended Articles