ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියාව තුළ හදිසි භාවිත අනුමැතියක්


ඉන්දියාවේ ඖෂධ නියාමකයා විසින් ඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ.

ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය මෙම අනුමැතිය ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

කොවිඩ්-19 ආසාදිතයන් වැඩිම අගයක් වාර්තා වන එක්සත් ජනපදයෙන් පසු මෙතෙක් මිලියන 10ක් ඉක්මවා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති දෙවැනි රට වන්නේ ඉන්දියාවයි.

ඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත එක්සත් රාජධානියේ සහ ආර්ජන්ටිනාවේ හදිසි මහජන භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබාදී තිබේ.



Recommended Articles