සමීපව නිරීක්‍ෂණය කරනලද නව කොරෝනා වෛරස ආකෘතියක් අනුව එලැඹෙන ඔක්තෝබර් 1දා වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 170,000කට ආසන්න සංඛ්‍යාවක් පුරෝකථනය කර තිබේ.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ මෙම ආකෘතිය මීට පෙර ඉදිරිපත් කළේ අගෝස්තු දක්වා පුරෝකථනයක් පමණි. වසංගතයට පෙර ධවල මන්දිරය විසින් එය බොහෝවිට උපුටා දක්වන ලද අතර, එය දැනට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙබ් අඩවියේ දක්නට ලැබෙන බොහෝ මාදිලිවලින් එකකි.
එහි නවතම පුරෝකථනයට අනුව ඔක්තෝබර් 1දා වනවිට එක්සත් ජනපදයේ කොවිඩ් -19 වෛරසය ආශ්‍රිතව පුද්ගලයන් 169,890ක් මිය යන බව දැන් යෝජනා කර ඇති අතර, මෙම මරණ සංඛාව 133,000 සිට 290,000 වෙනස් විය හැකි බවද දක්වා තිබේ.
ජුනි සහ ජූලි මාසවල දෛනික මරණ අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර අගෝස්තු මාසය දක්වා සාපේක්ෂව ස්ථාවරව පවතිනු ඇති බව එහි දක්වා තිබුණත්, මෙම ආකෘතිය අනාවැකි පළ කරන්නේ සැප්තැම්බර් මාසයේ මරණවල තියුණු වැඩිවීමක් සිදුවන බවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (12දා) අලුයම ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය පැවතුණේ 2,022,021ක් වශයෙනි. වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 113,774ක් දක්වා ඉහළ ගොස් තිබේ.