එක්සත් ජනපදය ඔක්තෝම්බර් මාසයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 205,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එක්සත් ජනපද දේශසීමා මුර සංචාරයේ නියෝජිතයන් විසින් පසුගිය මාසයේදී මෙසේ නීතිවිරෝධී ලෙස රට තුළට ඇතුළු වීමට උත්සාහ කළ පිරිස් අත්අඩංගුවට ගත් බවත්, තවත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 64,000කට වැඩි පිරිසක් පලා ගිය බවත්ය.
දත්ත වලට අනුව, සාමාන්‍යයෙන්, ඔක්තෝම්බර් මාසයේදී දේශසීමා මුර සංචාර නියෝජිතයන් මගහරිමින් සෑම දිනකම නීතිවිරෝධී සංක්‍රමණිකයන් 2,000කට වැඩි පිරිසක් එක්සත් ජනපදයට ඇතුළු වී ඇත.
දේශසීමා මුර සංචාරය විසින් අත්අඩංගුවට ගැනීම් 205,000ක අගය මෙම වසරේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම සංඛ්‍යාව විය.
2021 ඔක්තෝම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව 159,113ක් වන අතර 2020 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව 69,032ක් බව වාර්තා වේ.