ඒ පුත් කුමරෙක් - සසේක්ස් හි කුමරා ගැන මාධ්‍ය කතා කරයි


හැරී කුමරුට හා මේගන් කුමරියට දාව අද (7දා) උදෑසන මෙළොව එළිය දුටු පුත් කුමරා ගැන බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කර තිබුණේ මෙසේය.

එහිදී, බොහෝ පුවත්පත් හැරී කුමරාගේ විශාල ඡායාරූපයක් සමග මෙම පුවත වාර්තා කර තිබුණේ, එම ප්‍රවෘත්තිය ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ඒ උද්දාමයට පත් මොහොත සිහිගන්වමිනි.

ඒ පුතෙක්... පුත් කුමරෙක්.... යන්න ඒ බොහෝ පුවත්පත්වල ප්‍රධාන මාතෘකාව බවට පත්විය.

මේ අතර, මෙම කුමරාගේ නම ආතර් හෝ එඩ්වඩ්විය හැකි බවටද මේ වනවිට බොහෝ දෙනෙකු විවිධ මත පළ කරමින් සිටියි.



Recommended Articles