එක්සත් රාජධානියේ ගෘහස්ත ඒකරාශී වීම් තහනම් කර ඇති පසුබිමක, දෙවැනි එළිසබෙත් රැජින හුදකලාව සිය සැමියාගේ අභාවය පිළිබඳ ශෝක වෙද්දී, බොරිස් ජොන්සන්ගේ කාර්ය මණ්ඩලය අංක 10, ඩවුනින් වීදියේ පිහිටි සිය නිල නිවසේදී උත්සවයක් සංවිධානය කර ඇති බවට පළවන වාර්තා සමග අගමැතිවරයාගේ අධිකාරියට බලවත් විරෝධයක් එල්ල වී තිබේ.
කොවිඩ්-19 නවතම සීමාවන් සමග සාමාන්‍ය ජනතාවට සිය මියගිය ඥාතීන් වෙනුවෙන් පෞද්ගලිකව සමුදීමට අවස්ථාවක් නොමැති පසුබිමක, රටේ අගතමැතිවරයාගේ නිල නිවසේ සංවිධානය වූ උත්සව කිහිපයක් ගැන චෝදනා එල්ල වෙමින්, බොරිස් ජොන්සන් සිය අගමැති ධුරය පිළිබඳ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටියි.
ඩව්නිං වීදියේ සිට ප්‍රසිද්ධියේ නීති කඩකිරීම් හේතුවෙන් ඔහුට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් එල්ලවන පීඩනයද වැඩිවී ඇති බය කියයි.
මෙම වාර්තා ගැන විමසූ විට ජොන්සන්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, "මෙය ජාතික වශයෙන් ශෝක කාලයකදී සිදුවීම කණගාටුවට කරුණක් වෙනවා, අංක 10 (ඩව්නිං වීදියේ අගමැති නිල නිවස) මාලිගයෙන් සමාව ඉල්ලා සිටිනවා." යනුවෙනි.