දකුණු කොරියානු අගමැති කිම් බූ-ක්යුම් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව අනාවරණය වී ඇති අතර, ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, දකුණු කොරියාවේ දෛනිකව වාර්තාගත නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් ගෙවුණු දිනයේ වාර්තා වී ඇති අතර, එය සටහන් වූයේ 266,853ක් සහ දෛනික මරණ 186ක් ලෙස බව කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ ඒජන්සිය පවසයි.
කෙසේ වෙතත්, බලධාරීන් නිවේදනය කළ පරිදි, අවන්හල් සහ කැෆේ සඳහා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ආරම්භ වන ලෙස පැයක් පසුපසට තල්ලු කර ඇති අතර, ඇතැම් සමාජ දුරස්ථ සීමා ලිහිල් කරමින් රට නව සාමාන්‍ය යටතේ ඉදිරියට ගෙනයෑමට සැලසුම් කර තිබේ.
මේ අතර, එස්තෝනියාවේ ජනාධිපති අලාර් කරීස් තමාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කළේය.
"මම PCR කොවිඩ්-19 පරීක්ෂණයක් සිදු කළ අතර එය ධනාත්මක වී තිබෙනවා" කරීස් සිය සමාජ මාධ්‍ය ගිණුමේ ලිවීය.
"යථා තත්ත්වයට පත්වන තෙක් මා ස්වයං-හුදෙකලාව දුරස්ථව රාජකාරීන්හි නිරත වීමට කටයුතු කරනවා. මට මෘදු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පමණයි පවතින්නේ. සමස්තයක් වශයෙන් මට ලොකු අපහසුවක් නැහැ. මොකද මම දැනටමත් බූස්ටර් මාත්‍රාවද ලබාගෙන ඉන්නේ. සියලු දෙනා නිරෝගීව සිටින්න!" කරීස් පැවසීය.