ඇමරිකානු ව්‍යවසායකයෙකු වන එලොන් මස්ක් සිය ස්ටාර්ෂිප් සහ සුපර් හෙවි රොකට් පද්ධතිය පිළිබඳ නවතම තොරතුරු රැසක් හෙළි කර තිබේ.
මෙම නවතම අභ්‍යවකාශ යානා භාවිත කරමින් මිනිසුන්ව සඳ හා අඟහරු වෙත යැවීමටත්, පෘථිවිය වටා වේගයෙන් ගමන් කිරීමටත් සැලසුම් කරන බව ඔහු කියයි.
ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරියා සිය මූලාකෘති තැනීමේ කටයුතු කරමින් සිටින අතර ඉදිරි මාසවලදී ඒවා පියාසර කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඔහුගේ ස්ටාර්ෂිප් හි MK 1 සංස්කරණය ඉදිරි මාස 1 සිට 2 දක්වා පෘථිවි වායුගෝලයෙන් ඉහළ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිතය.
"මම මෙතෙක් දැක ඇති වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙය මෙයයි" සිය නවතම යානා පිළිබඳ අදහස් ඉදිරිපත් කරමින් මස්ක් කියා සිටියේය.