එලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් මගින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා "බරපතල අදහසක්" ඇතිවී තිබෙන බව පවසා තිබේ.
විශේෂයෙන්ම ට්විටර් වේදිකාව තුළ තමාට නිදහසේ කතා කිරීමට ඉඩ නොදෙන බවට චෝදනා කරමින් ඔහු තමාගේම සමාජ මාධ්‍ය වේදිකාවක් ගැන කල්පනා කර ඇත.
"ට්විටර් යම් කොටුවකට සීමා වී ඇති බැවින්, නිදහස් කථන මූලධර්ම පිළිපැදීමට අපොහොසත් වීම මූලික වශයෙන් ප්රජාතන්ත්රවාදය අඩපණ කරනවා, කළ යුත්තේ කුමක්ද?" මස්ක් නව සමාජ මාධ්‍ය වේදිකාවක් ගැන අදහසට පෙර නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණි.