වරක් ලොව ධනවත්ම පුද්ගලයා වූ ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, ඉතිහාසයේ විශාලතම පුද්ගලික ධනස්කන්ධයක් අහිමි කරගත් පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවක් බිඳ හෙළා තිබේ.
ඒ පසුගිය 2021 සිට ඩොලර් බිලියන 200ක් දක්වා ඔහු අහිමි කරගෙන ඇති බව හෙළි වීමත් සමගිනි.
ෆෝබ්ස් සඟරාවට අනුව 2021 නොවැම්බර් මාසයේ සිට විද්‍යුත් වාහන අධිපතියාට ඩොලර් බිලියන 182ක් අහිමි වී ඇති නමුත් වෙනත් මූලාශ්‍ර ඔහුගේ පාඩුව ඩොලර් බිලියන 200ක් තරම් ඉහළ අගයක් ගන්නා බව පවසයි.
ප්‍රකෝටිපතියා තම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් සමාගම තුළ ආයෝජනය කර ඇති බැවින්, ටෙස්ලා සමාගමේ දුර්වල වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය මස්ක්ගේ මූල්‍ය අවාසනාවන්ට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම වාර්තාව මීට පෙර කොරියානු-ජපන් ප්‍රකෝටිපති තාක්‍ෂණ ව්‍යවසායකයෙකු වන මසයෝෂි සොන් විසින් තබා ඇති අතර, ඔහු 2000 Dotcom කඩාවැටීමේදී ඔහුගේ ශුද්ධ ධනයෙන් ඩොලර් බිලියන 60ක් පමණ විනාශ කරගෙන තිබුණි.