එලොන් මස්ක් අභිභවන චීන ස්ටාර්ලින්ක් මෙහෙයුම


රටවල් 50කට සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් එලොන් මස්ක් දියත් කිරීමට සූදානම් වන ස්පේස්එක්ස් ස්ටාර්ලින්ක් ජාලය අභිභවන චන්ද්‍රිකා 13,000කින් යුතු නවතම ජාලයක් අභ්‍යවකාශයේ පහළ කක්ෂයෙහි ස්ථානගත කිරීමට චීනය සූදානම් වෙයි.

ජීඩබ්ලිව් යන කේත නාමයෙන් හඳුන්වන මෙම ව්‍යාපෘතිය, චීන විමුක්ති හමුදාවේ අභ්‍යවකාශ ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂූ කැන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි.

මෙම චන්ද්‍රිකා දියත් කිරීමේ දින වකවානු පැහැදිලි නැතත්, ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර මෙම දියත් කිරීම සිදුකරන බව ෂූ පවසයි.



Recommended Articles