එල් සැල්වදෝරයට සහ ජෝර්දානයට චීන එන්නත්


චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 150,000ක් හෙට (06දා) රාත්‍රියේ එල් සැල්වදෝරය වෙත පැමිණීමට නියමිත බව එරට ජනාධිපති නයිබ් බුකලේ ඊයේ (04දා) කියා සිටියේය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එල් සැල්වදෝරයේ චීන තානාපති කාර්යාලය නවතම පරිත්‍යාගය දෙරට අතර ශක්තිමත් සහයෝගය සහ මිත්‍රත්වයේ තවත් නිරූපණයක් ලෙස හැඳින්වීය.

එල් සැල්වදෝරයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයන් 64,431ක් සහ වෛරසය ආශ්‍රිත මරණ 2,025කි.

එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහි මහා පරිමාණ එන්නත් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට උත්සාහ දරන ජෝර්දානය විසින්, චීනයෙන් මිලදී ගත් සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් වල පළමු වැනි තොගය ඊයේ (04දා) ජෝර්දාන අගනුවර වන අම්මාන් වෙත පැමිණියේය.



Recommended Articles