එයාර්ෂෝ චයිනා 2021 නවීන ගුවන් තාක්ෂණ විදහා දක්වයි


13 වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප්‍රදර්ශනය හෙවත් එයාර්ෂෝ චයිනා 2021, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂුහායි හිදී ආරම්භ වී තිබේ.

මෙවර ගුවන් ප්‍රදර්ශනය ඔක්තෝබර් 3දා දක්වා පැවැත්වෙන අතර, රටවල් 40ක ව්‍යවසායන් 700ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වන අතර, එය පැවැත්වෙන ප්‍රදර්ශන සංකීර්ණ ගණන 8 සිට 11 දක්වා ඉහළ ගොස් තිබේ.

නවතම විද්‍යාත්මක හා තාක්‍ෂණික නිපැයුම් සහ ගොඩබිම, මුහුද, වායුගෝලය, අවකාශය සහ විදුලිය යන ප්‍රදේශයන්ගෙන් ලද ජයග්‍රහණ මෙන්ම, විශ්මය ජනක ගුවන් ක්‍රියාකාරකම් සහ භූමි උපකරණවල සුවිශේෂී නිරූපණද ප්‍රදර්ශනයේදී බලාපොරොත්තු විය හැකිය.

චීනයේ වින්ග් ලූන්ග් II මිනිසුන් රහිත ගුවන් යානයක් සහ ගොඩබිම මෙන්ම ජලයේ ගොඩබෑම් සිදුකළ හැකි විශාල ඒජී 600 ගුවන් යානා එළිදැක්වීමද මෙහිදී සිදුවනු ඇති අතර,  VT4 සහ VT5 ටැංකි ඇතුළුව ගොඩබිම් යුද උපකරණ වර්ග 30කට අධික සංඛ්‍යාවක්ද ප්‍රදර්ශනයට එක්වනු ඇත.

ලොව නවීනතම තත්ත්වයන් නියෝජනය කරන ගුවන් සේවා, අභ්‍යවකාශ හා ජාතික ආරක්‍ෂාව යන ක්ෂේත්‍රයන්හි නව නිපැයුම්, තාක්‍ෂණයන්, සේවාවන් සහ ජයග්‍රහණ ගණනාවක් ගෝලීය වශයෙන් එළිදැක්වීම චීනය සිදුකරන අතර, ප්‍රදර්ශනය අතරතුර අදාළ සම්මන්ත්‍රණ, සංසද සහ හමු 100කට වඩා පැවැත්වේ.



Recommended Articles