යුරෝපා සංගම් නිදහස් වෙළෙඳ පොළෙන් හා තීරුබදු සංගමයෙන් ඉවත්වීමට මහා බ්‍රිතාන්‍ය කටයුතු කළහොත්, තමන්ද මහා බ්‍රිතාන්‍ය හැරයන බවට එයාර්බස් සමාගම අනතුරු ඇඟවීමක් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම අහේතුක එකක් නොවන බව පෙන්වා දෙන යුරෝපීය එයාර්බස් ගුවන් යානා නිෂ්පාදන සමාගම පෙන්වා දෙන්නේ, එය යථාර්ථයට මුහුණදීමක් වනු ඇති බවයි.
මහා බ්‍රිතාන්‍යයේ විවිධ ස්ථාන මූලික කර ගනිමින් එයාර්බස් සමාගම 25,000කට අධික සේවක පිරිසකට රැකියා අවස්ථා ලබා දී තිබේ.
යුරෝපා සංගමය තුළ සාමාජික රාජ්‍යයන් 28ක නිදහස් වෙළෙඳාමකට මග සැලසූ මෙම බැඳීම මහා බ්‍රිතාන්‍යයේ ඉවත්ව යෑමත් සමග බිඳ වැටෙනු ඇති බව කියැවෙයි.