චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ ගුවන් අභ්‍යවකාශ ප්‍රදර්ශනය හෙවත් එයාර් ෂෝ චීනය දකුණු චීනයේ ගුවාංඩොං පළාතේ ෂුහායි නගරයේ දී සාර්ථකව අවසන් විය.
චීනයේ ප්‍රමුඛතම ගුවන් ප්‍රදර්ශන කණ්ඩායම් විසින් ගුවන් යානා විශාල වශයෙන් යොදාගත් ගුවන් සංදර්ශනයක්ද දැකගත හැකිවූ අතර, නරඹන්නන් අවු කණ්නාඩි පැලඳ එය නරඹා තිබුණි.
චීනයේ නවීනතම J-16 D ඉලෙක්ට්‍රෝනික යුද ජෙට් යානය සහ අනෙකුත් උපකරණ මහජනතාවට හඳුන්වා දීම තුළින් චීන හමුදාවේ නවතම තාක්ෂණික දියුණුව විදහා දැක්වීමද ප්‍රදර්ශනය තුළ දැකිය හැකි විය.
ප්‍රදර්ශනයේදී ඔවුන්ගේ නවතම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමෙන් පසු බොහෝ චීන ව්‍යවසායකයින්ට ගෝලීය සේවාදායකයින්ගෙන් ඇණවුම් ලැබුණු බවද කියයි.
ගුවන් ප්‍රදර්ශනය පැවති දින ගණන පුරාම සියලු ටිකට්පත් අලෙවි වී ඇති බවද සංවිධායකයෝ පවසති.