වර්ෂ 1985 දී සූට්කේස් බෝම්බයක් පුපුරුවා හරිමින් පුද්ගලයන් 329දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් යානා ප්‍රහාරය සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කළ ත්‍රස්තවාදියෙකු යැයි කියනු ලැබූ පුද්ගලයෙකු කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
75 හැවිරිදි රිපුදමන් සිං මලික් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සරේ හිදී සිදුවූ වෙඩි තැබීමකිනි. ඔහු එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය පවසයි.
සාක්ෂිකරුවෙකු කැනඩාවේ CBC ප්රවෘත්ති වෙත පැවසුවේ තමාට වෙඩි හඬ තුනක් ඇසුණු බවත්, වින්දිතයාගේ බෙල්ලේ තුවාලයකින් ලේ ගලමින් තිබුණු බවත්ය.
1972 දී කැනඩාවට සංක්‍රමණය වූ සික් ජාතික ව්‍යාපාරිකයෙකු වන මලික්, ටොරොන්ටෝවෙන් ගමන් ආරම්භ කර ලන්ඩනය බලා යමින් සිටි එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අයර්ලන්ත වෙරළට ඔබ්බෙන් පුපුරුවා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එක් සැකකරුවෙකු විය.
මෙම සිදුවීම කැනඩාවේ වාර්තා වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය ලෙස සටහන් විය. කෙසේ වෙතත් ඔහුට එල්ල වූ වෙඩි තැබීම සිදුකළ ඝාතකයන් තවමත් අත්අඩංගුවට ගෙන නැත.