එමීරයට එල්ල වූ හවුති මිසයිලය වළක්වා ගනියි


ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සිදුකරන අවස්ථාවේදී හවුති සටන්කාමීන් විසින් එරට වෙත එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් වැළැක්වූ බව ගල්ෆ් රාජ්‍ය තහවුරු කරයි.

එමිරයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මිසයිලය වළක්වමින් එය විනාශ කළ බවත් එහි සුන්බුන් ජනාවාස නොවූ ප්‍රදේශයකට වැටී ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම මිසයිලය ඉලක්ක කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරයද, නැතිනම් මැදපෙරදිග ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානය වන ඩුබායි නගරයද යන්න එහි සඳහන් නොවීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ගල්ෆ් රාජ්‍යයේ ගුවන් ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් ප්‍රහාරය නොතකා සියලුම ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත්ය.



Recommended Articles