නවසීලන්තයේ සුක්‍රපට ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ නවතා තිබූ ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා ගිය අවස්ථාවක් ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙකු සිය කැමරා කාචයට හසුකර ගෙන තිබේ.
එහි නවතා තිබූ Airbus A380 වර්ගයේ ගුවන් යානයක් අසල පසුගිය බදාදා (20දා) නවසීලන්ත වේලාවෙන් ප.ව.3.30ට පමණ සිදුවූ එම සිද්ධිය සිය කැමරාවේ සටහන් කරගෙන තිබුණේ, ආසන්නයේ වූ හෙලිකොප්ටර් යානයක නියමුවෙකි.
එම යානය පිටත්ව යෑමට සූදානමින් තිබූ යානයක් බවත්, පැවති අයහපත් කාලගුණික තත්ත්වය අවසන් වනතුරු යානය නවතා තැබුණු බවත් එමිරේට්ස් ගුවන් සේවය පසුව පවසා තිබුණි.
විශේෂයෙන්ම මේ දිනවල ඒ ප්‍රදේශයේ පවතින අධික වැසි තත්ත්වයත් සමග අකුණු අවදානම ඉහළ බව ක්‍රයිස්ට්චර්ච් නගර සභාව පවසන අතර, මේ නිසාම කාලගුණික අනතුරු ඇඟවීම් පැවති බවද කියයි.