යළි සේවයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය "ග්‍රීන් පාස්" හෙවත් කොවිඩ්-19 එන්නත් බලපත්‍රයට එරෙහිව ඊසානදිග ඉතාලියේ ට්‍රයිස්ටේ නගරයේ වර්ජනයේ යෙදී සිටි වරාය සේවයන්ට එරට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විරෝධතාකරුවන් සිය ගණනක් මාර්ගය අවහිර කළ අතර කිහිප දෙනෙකු මාර්ගය හරහා වාඩි වී සිටියදී ජල ප්‍රහාර එල්ල කර තිබුණි. කෙසේ වෙතත් එහිදීද ඔවුන් සිය උද්ඝෝෂණය අවසන් නොකළ බව කියයි. ඉන් අනතුරුව කැරලි මර්දන පොලීසියද කැඳවා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.
"නිදහස, නිදහස!" යනුවෙන් බොහෝ වෘත්තිකයන් කෑමොර දුන් අතර, වැඩ කිරීමට කොවිඩ්-19 අවසර පත්‍රයක් ලබා දීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව විරෝධතාකරුවන්ගේ මතය විය.
"ග්‍රීන් පාස්" බලපැවැත්වෙන විට මෙම වර්ජනය කැඳවා තිබූ අතර ආසන්න වශයෙන් 6,500ක් පමණ වරාය තුළ විරෝධතා පැවැත්වූහ.
කෙසේ වෙතත් මේ වනවිට වයස අවුරුදු 12 ට වැඩි ඉතාලි ජාතිකයින්ගෙන් 85%ක් පමණ අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් වත් ලබාගෙන ඇති අතර ඔවුන් මෙම අවසර පත්‍රය සමත් වීමට සුදුසුකම් ලබයි. නමුත් මිලියන 3ක පමණ ජනතාවක් එන්නත ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් නිසා මෙම වර්ජනය ක්‍රියාත්මක වෙයි.