එන්නත්වල බුද්ධිමය දේපළ අයිතිය ගැලවීමට චීන සහාය


චීනය සහ සමාන අදහස් ඇති රටවල් කණ්ඩායමක් කොවිඩ්-19 එන්නත් සඳහා වූ බුද්ධිමය දේපල අයිතිය ඉවත් කිරීමට සහයෝගය දක්වන අතර, ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ සක්‍රීයව සහභාගී වන ලෙස සුදුසුකම් ඇති රටවලින් ඉල්ලා සිටින බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ (මානව හිමිකම් කවුන්සිලයේ) 48 වැනි සැසිවාරයේදී රටවල් කණ්ඩායමක් වෙනුවෙන් අදහස් දක්වමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන දූත මණ්ඩල ප්‍රධානී චෙන් ෂු අදාළ සියලුම සාමාජික රටවල් සහ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් මෙම ඉල්ලීම කළේය.

අපනයනය, පරිත්‍යාග කිරීම, ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධනය, බලයලත් නිෂ්පාදනය සහ දැනුම හුවමාරු කිරීම තුළින් එන්නත් නිෂ්පාදනය පුළුල් කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදන හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කර ඇත.

"COVID-19 වසංගතය සහ විවිධ ප්‍රභේදයන් මතුවීම සෑම රටකම, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය කෙරෙහි දැඩි සෘණාත්මක බලපෑම් ඇති කර ඇති කරනවා. එය ජනතාවගේ, විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි අවස්ථාවන්හි සිටින අයගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කර තිබෙනවා" චෙන් පැවසීය.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත බලවත් මෙවලමක් බව පවසන චෙන් අවධාරණය කළේ අසමාන ලෙස බෙදා හැරීම සහ අසමතුලිත ලෙස එන්නත ලබාදීම බරපතල අභියෝගයක් ලෙස පවතින බැවින් ප්‍රතිශක්තිකරණ පරතරය වහාම විසඳිය යුතු බවයි.

“ගෝලීය වශයෙන් සාධාරණ කොවිඩ් -19 එන්නත් බෙදා හැරීම හා ප්‍රවේශ වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කැඳවීමට අපි සහයෝගය දෙනවා. ආර්ථික, දේශපාලන හෝ වෙනත් අවශ්‍යතා වැනි වෙනත් කරුණු සලකා බලමින් ජීවිත හා සෞඛ්‍ය සඳහා ඇති අයිතිවාසිකම්වලට මුල් තැන දෙන ලෙස සියලු රටවලින් ඉල්ලා සිටිනවා. " ඔහු කියා සිටියේය.



Recommended Articles