එන්නත්කරණය මැද සිඩ්නි සීමා තවදුරටත් ලිහිල් වේවි


ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය 80%ක ද්විත්ව එන්නත් මාත්‍රා ඉලක්කය කරා යන බැවින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසුවේ, ඔක්තෝබර් 18දාට වඩා සතියකට පෙර සිඩ්නි හි සීමාවන් ලිහිල් කළ හැකි බව බවයි.

සති අන්තයේ අනාවැකි බිඳ දමමින් ගිනිකොනදිග ප්‍රාන්තයේ එන්නත්කරණය ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන අතර, එම සන්ධිස්ථානයට පැමිණීමෙන් පසු පළමු සඳුදා සිටම පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කරන බවට නිලධාරීන් පොරොන්දු විය.

"අපි 80%ක් කරා ගියහොත් අපි සැමවිටම සඳහන් කළ පරිදි සීමා තවදුරටත් ලිහිල් කරන්නට පුළුවන් වේවි" යනුවෙන් ප්‍රාන්ත මහ ඇමති ඩොමිනික් පෙරොටෙට් පැවසීය. "අපි බ්‍රහස්පතින්දා අපේ කණ්ඩායම සමග මෙම සාකච්ඡාව පවත්වා, නවතම තීරණය සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා."

එන්න්තකරණය 80%කට ළඟාවූ විට සිල්ලර වෙළඳසැල්, මත්පැන්හල් සහ ව්‍යායාම ශාලා සඳහා පැමිණෙන සේවාදායකයන් වැඩි කරගැනීමට අවස්ථාව සැලසෙයි. එසේම කාර්යාල තුළ අනිවාර්ය මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවන අතර රාත්‍රී සමාජශාලාවලට අසුන් ගැනීම සඳහා නැවත විවෘත කළ හැකි බවත්, මංගල උත්සව සඳහා සීමාවකින් තොරව අමුත්තන්ට සහභාගී විය හැකි බවත් කියයි.



Recommended Articles