එන්නත් සාධාරණව බෙදා හරින්න ඩො.බි.8ක් ඉල්ලයි


ලොව පුරා කොවිඩ්-19 එන්නත සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා ඩොලර් බිලියන 8ක් එකතු කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් G20 රටවලින් ඉල්ලා සිටියේය.

බෙදාහැරීම සාධාරණ බව සහතික කිරීම සඳහා ඩොලර් බිලියන 8ක ක්ෂණික මුදල් සම්භාරයක් අවශ්‍ය වන බවත්, ඒ ඉලක්කය වෙත යාමට උපකාර කරන ලෙස G20 වෙතින් ඉල්ලා සිටින බවත්, ගුටරෙස් බර්ලිනයේ ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් අවධාරණය කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, එන්නත් ජාතිකවාදය සහ තොග ගබඩා කරගෙන තබාගැනීම ලෝකයම අවදානමකට ලක්කර ඇති බවයි.



Recommended Articles