එන්නත් විෂමතාවට අප්‍රිකානු නායකයන් ඉල්ලූ සාධාරණය


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කොවිඩ්-19 එන්නත් බෙදාහැරීම අවධානයට ලක්වූ අතර, එහිදී අප්‍රිකානු කලාපයේ එන්නත් හිඟය පිළිබඳව කලාපයේ නායකයින් අනතුරු අඟවමින්, මේ සඳහා සාධාරණ ප්‍රවේශයක් ඉල්ලා සිටියේය.

මහා මණ්ඩල සැසිවාරයේ තුන්වැනි දිනයේදී ලොව පුරා එන්නත් ලබා ගැනීමේදී පවතින විෂමතාව පිළිබඳව අප්‍රිකානු නායකයින් දැඩි කණගාටුව පළ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් රටවල් පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් සඳහා තුන්වැනි බූස්ටර එන්නත ලබා දීමට සැලසුම් කර ඇති පසුබිමක, බොහෝ අප්‍රිකානු රටවල් තවමත් තම ජනතාවට පළමු එන්නත හෝ ලබාදීමට නොහැකිව කල්පනා කරමින් සිටින බව එහිදී සඳහන් කෙරිණි.

COVID-19 ට එරෙහිව පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබා ඇත්තේ අප්‍රිකාවේ ජනගහනයෙන් 4.06%ක් පමණක් බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ 2022 සැප්තැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 70%ක් සම්පූර්ණයෙන් එන්නත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අප්‍රිකාවට එන්නත් කිරීම සෑම මසකම මිලියන 20 සිට මිලියන 150 දක්වා හත් ගුණයකින් ඉහළ යා යුතු බවයි.



Recommended Articles