සති තුනකට වැඩි කාලයක් ඔටාවා අගනුවර වීදි අවහිර කර ඇති වසංගත ආශ්රිත විරෝධතා අවසන් කිරීම සඳහා කලාතුරකින් භාවිත කරන හදිසි බලතල ක්‍රියාත්මක කිරීමට අගමැති ජස්ටින් ටෘඩෝ ගත් තීරණයට කැනඩාවේ පාර්ලිමේන්තුව සහාය දක්වා තිබේ.
සුළුතර ලිබරල් ආණ්ඩුවට වාමාංශික නැඹුරුවක් ඇති නව ප්රජාතන්ත්රවාදීන්ගේ සහාය ලැබීමත් සමග හදිසි අවස්ථා පනතට ඡන්ද 185ට 151ක් ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
සතියකට පෙර ටෲඩෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ක්‍රියාමාර්ග, ඇතැම් පාර්ශ්ව විසින් අනවශ්‍ය ලෙස සලකනු ලැබ ඇති අතර සමහර විරුද්ධ දේශපාලනඥයන් විසින් එය බලය අයුතු ලෙස භාවිත කිරීමක් ලෙස සැලකුවත් මේ වනවිට ඔහුගේ සහායට වැඩි බහුතරයක් එක්ව තිබේ.
එන්නත් හා වසංගත සීමාවන්ට එරෙහි විරෝධතාකරුවන් කැනඩාව සහ එක්සත් ජනපදය අතර කාර්යබහුලම ගොඩබිම් හරස් මාර්ගය දින හයක් අවහිර කරමින් වෙළඳාම අවුල් කර තිබුණි.