එන්නත් විරෝධීන් නිසාවෙන් කැනඩාවේ පාසල් වසා දැමේ


කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හි පාසල් දිස්ත්‍රික්කයක් පවසන්නේ කොවිඩ්-19 එන්න්ත විරෝධතාකරුවන් එහි පාසල් තුනකට ඇතුළු වී දැක්වූ විරෝධයක් හේතුවෙන් සියලු පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බවයි.

මෙම විරෝධතාකරුවන් අදාළ විදුහල්පතිවරුන් සමග කතා කිරීමට උත්සාහ කරමින් මෙසේ පාසල් වෙත ඇතුළු වී ඇති අතර, මීට පෙරද ඔවුන් මෙසේ පාසල් වෙත ඇතුළු වෙමින් මෙසේ විදුහල්පතිවරුන් හමුව ඇති බව කියයි.

මේ අතර බ්‍රහස්පතින්දා එන්නත් සායනයක් අතරතුර ආපසු පැමිණ ඇති අතර, එහිදී පොලිසිය කැඳවා අවසානයේ ඔවුන් විසුරුවා හැර තිබේ

මෙම අවස්ථාවේදී එන්නත් ලබා ගැනීම සඳහා ළමයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය බව මෙසේ පැමිණි එන්නත් විරෝධීන් පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙමවුපියන් පවසා ඇත්තේ යමෙකුට විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු තැනක් තෝරාගත යුතු බවත්, එයට තම දරුවන් ඈඳා ගැනීම නොකළ යුතු බවත්ය.

ඇමෙරිකාව, කැනඩාව ආදී ඇතැම් රාජ්‍යයන් තුළ මේ වනවිට එන්නත් විරෝධීන් ඉස්මතුව ඇති අතර, ඔවුන්ගේ මෙම හැසිරීම් නිසා එම රටවල කොවිඩ්-19 ආසාදනවල යළි ඉහළ යෑමක් පෙන්වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.



Recommended Articles