කොවිඩ්-19 සෞඛ්‍ය නීතිවලට එරෙහිව ට්‍රක් රථ විසින් මෙහෙයවන විරෝධතා අවසන් කිරීම සඳහා කැනඩාව ඉතිහාසයේ ප්‍රථම වරට හදිසි අවස්ථා පනත ක්‍රියාත්මක කළ බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසයි.
එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ කැනේඩියානු පොලිසිය විසින් එක්සත් ජනපදය සමග දේශසීමා හරස් මාර්ගයක් අවහිර කරමින් ගිනි අවි තොගයක්ද සමග පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
දේශසීමා සහ ගුවන් තොටුපළ වැනි තීරණාත්මක යටිතල පහසුකම් අවහිර කිරීම්වලින් ආරක්ෂා කිරීම සඳහා ඓතිහාසික පනත භාවිත කරනු ඇති අතර, රජය විසින් රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසියට නාගරික අතුරු ව්‍යවස්ථා බලාත්මක කිරීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් ටෘඩෝ පැවසුවේ හමුදා බලයේ මැදිහත්වීමක් සිදු නොකරන බවය.
මෙම පනත ක්‍රියාත්මක කිරීමත් සමග උසාවි නියෝගයකින් තොරව අවහිර කිරීමේ ආධාරකරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට හෝ අවුරාලීමට බැංකුවලට බලය ලැබෙයි. එමෙන්ම, සමූහ අරමුදල් වේදිකාවන් සහ ක්රිප්ටොකරන්සි යනාදියට මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ නීති අනුගමනය කිරීමට සිදුවනු ඇත.
කැනේඩියානු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ නීති විරෝධී අවහිර කිරීම්වලට සම්බන්ධ ට්‍රක් රථ සහිත සමාගම්වල ආයතනික බැංකු ගිණුම් අත්හිටුවන අතර ඔවුන්ගේ රක්ෂණයද අත්හිටුවන බවයි.
1980 ගණන්වල යුධ පියවර පනත වෙනුවට ආදේශ කරන ලද හදිසි අවස්ථා පනත, මහජන සුභසාධනය (ස්වාභාවික විපත්, රෝග පැතිරීම්), මහජන සාමය (සිවිල් නොසන්සුන්තාව) සහ ජාත්‍යන්තර හදිසි අවස්ථා හෝ යුධ හදිසි අවස්ථාවලට බලපාන හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට විශේෂ බලතල සපයයි.
"Freedom Convoy" නම් වූ මෙම විරෝධතාව ආරම්භ වූයේ කැනඩාව සහ එක්සත් ජනපදය අතර දේශසීමාව හරහා යාමට එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමට එරෙහිව කැනේඩියානු ට්‍රක් රථ රියදුරන් විරෝධතාවකට එක්වීමත් සමගිනි.
නමුත් දැන් එම විරෝධතාව තවදුරටත් උත්සන්න වෙමින්, සියලුම කොවිඩ්-19 සෞඛ්‍ය ක්‍රියාමාර්ග අවසන් කිරීම සහ නැවත තේරී පත්වීමෙන් පසු මාස පහක් පමණක් ගතව ඇති ටෘඩෝගේ ලිබරල් ආණ්ඩුව පෙරළා දැමීමද ඇතුළත් වේ.
එසේම කොවිඩ්-19 පියවර බොහෝ ස්ථානවල යම් ලිහිල් කිරීමක් ලබාදී තිබියදී පවා ට්‍රක් රථකරුවන් ලොව පුරා ගතානුගතික උද්ඝෝෂකයන් සහ එන්නත් විරුද්ධීන්ගේ සහාය ලබාගෙන විරෝධතාවයේ නිරත වෙයි.