එන්නත් විරෝධී උද්ඝෝෂණ වෙත පොලීසිය වෙඩි තබලා


නෙදර්ලන්ත රජයේ කොවිඩ්-19 මර්දන ක්‍රියාමාර්ගවලට එරෙහි රොටර්ඩෑම් හි පැවති විරෝධතාව ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ඉසිලූ අතර, එහිදී පොලීසිය විසින් අනතුරු ඇඟවීමේ වෙඩි තැබීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

රොටර්ඩෑම් පොලිසිය පැවසුවේ තුවාලකරුවන් වෙඩි තැබීම් හේතුවෙන් තුවාල ලැබූවන් බවයි.

විරෝධතාකරුවන් විසින් ගිනිකෙළි දල්වමින් පොලිස් වෑන් රථවලටද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිස් රථයකටද ගිනි තබා ඇත. සමහර විරෝධතාකරුවන් "නිදහස ලබාදෙන්න" වැනි සටන් පාඨ කියමින් ගමන් කර තිබේ.

විරෝධතාකරුවන් සිය ගණනක් පැමිණ සිටි ඇති අතර, පොලීසිය විශාල පිරිසක් යොදවා තත්ත්වය සාමාන්‍ය අතට පත්කළද විරෝධතාකරුවන් ඉවත් කිරීමට ජල ප්‍රහාරක රථද භාවිත කිරීමට සිදුව තිබේ.

මෙම විරෝධතාව කොවිඩ්-19 ක්‍රියාමාර්ගවලට එරෙහිව සහ විශේෂයෙන්ම නෙදර්ලන්ත රජයේ යෝජිත 2G ප්‍රතිපත්තියට එරෙහිව පැවැත් වූවකි. එය එන්නත් කිරීම හෝ රෝගය වැලඳී සුවය ලැබීම පිළිබඳ සාක්ෂියක් ලෙස සැලකෙයි. පසුගිය සිකුරාදා නෙදර්ලන්ත රජය විසින් ආසාදන අවදානමක් ඇති ඇතැම් අවස්ථාවන් සහ ඇතැම් ස්ථානවලට ඇතුළු වීම සඳහා 2G අවසරය අනිවාර්ය කිරීමට යෝජනා කළේය.



Recommended Articles