එන්නත් විරෝධී උද්ඝෝෂණ මෙල්බර්න් ඉදිකිරීම් නවතයි


එන්නත් විරෝධය හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩ විරෝධයට ප්‍රතිචාර වශයෙන් වික්ටෝරියානු රජය මෙල්බර්න් අගනගරයේ සහ අනෙකුත් සියලුම අගුලු දමා තිබූ පළාත් පාලන ආයතනවල සියලුම ඉදිකිරීම් ස්ථාන වසා දමා තිබේ.

මෙල්බර්න්හි හි එලිසබෙත් වීදියේ දිරිපිට ඇති වූ උණුසුම් මත ගැටුම් හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉදිකිරීම්, මුහුදු, පතල් හා බලශක්ති සංගමය සමග සාකච්ඡාවල නිරත විය.

සැප්තැම්බර් 23 වනවිට සියලුම ඉදිකිරීම් සේවකයින්ට අවම වශයෙන් එක් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් ලබා දෙන ලෙස නියෝග කළ වික්ටෝරියානු රජයේ නියෝගයට එරෙහිව විරෝධතාකරුවෝ පෙලපාළි ගියහ.

මෙල්බර්න් අගනගරයේ සියලුම ඉදිකිරීම් ස්ථාන සහ අගුලු දැමීමේ සීමාවට යටත්ව පළාත් පාලන ආයතන අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට නියෝග කර ඇත. එමෙන්ම මෙම වසා දැමීම සති දෙකක් සඳහා පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණයට එරෙහි උද්ඝෝෂණවල නවතම තත්ත්වය මෙය වන අතර, එන්නත්කරණය හරහා රට විවෘත කිරීමට රජය උත්සාහ කළද ඇතැම් යුරෝපා රටවල මෙන්ම එන්නත් විරෝධීන් නිසා මෙම රටවල් දැන් බලවත් අපහසුතාවකට පත්ව සිටී.



Recommended Articles